Showing posts with label Dilsha Jayasinghe. Show all posts

Tuesday, February 22, 2022

මිතුදම - දිල්ෂා ජයසිංහගේ නිර්මාණයක්

 මිතුදම



ති
නුජී සහ සනුෂි කියන්නේ හොදම යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්න දුවන්න පනින්න වගේම ලියන්න කියන්නත් ගොඩක් දක්ෂයි. දවසක් එයාලගේ පාසලේ දිවීමේ තරගයක් පැවැත්වෙන බව දන්වා පාසැල් බිත්ති පුවත්පතේ පෝස්ටර් එකක් තිබුණා.

"අපි දෙන්නත් මේකට සහභාගී වෙමු නේද?" තිනුජි සනුෂිගෙන් ඇහුවා. දෙන්නම තරගයට සහභාගී වීමට තීරණය කළා. තරගයට ඇත්තේ තව සති දෙකයි. දෙන්නම හොදට නොකඩවා පුහුණුවීම් කළා.


ලද දෙයින් සතුටු වීම - දිල්ෂා ජයසිංහගේ නිර්මාණයක්

ලද දෙයින් සතුටු වීම

ඔන්න එකෝමත් එක කාලෙක ලස්සන පොකුණක් තිබුණා. මේ පොකුණේ ලස්සන නෙලුම් මලක් තිබුණා. ඒ මලේ නම නෙලුම් පැංචි. ඒත් හැමෝම ආදරේට කීවේ පැංචි කියලා. එයාගේ අම්මා ලඟමයි පිපිලා තිබුණේ. මේ පොකුණ ලඟට ගොඩක් ලස්සන සත්තු ආවා. ලස්සනම ලස්සන සමනල්ලු, පාට පාට කුරුල්ලෝ, මී මැස්සො හැමදාම වගේ මේ පොකුණට ආවා.

 


අපූරු සිතුවම - දිල්ෂා ජයසිංහගේ නිර්මාණයක්

අපූරු සිතුවම




නිකොලස් දක්ෂ පුංචි සිත්තරෙක්. ඔහු කුඩාකල සිටම චිත්‍ර ඇදීමට ඉතා දක්ෂයි. දිනක් ඔහු අපූරු චිත්‍රයක්චි ඇන්දා. ඒ කුඩා නිවසක් සහ ඒ අසල සෙල්ලම් කරමින් සිටින කුඩා ළමුන් කිහිප දෙනෙකුගේ චිත්‍රයක්. නිකොලස් මේ අපූරු සිතුවම එයාගේ නිදන කාමරයේ තමයි තියල තිබුණේ. රාත්‍රියක අමුතු ශබ්දයක් ඇහුණා. ඒ ශබ්දය ඇසුණේ එයාගේ සිතුවම තුලින්. නිකොලස් පුදුමයෙන් එයාගේ චිත්‍රය ළගට ගිය විගසම එයාව චිත්‍රය ඇතුලට ඇදිල ගියා. මෙන්න එකපාරටම නිකොලස් එයාගේ චිත්‍රය ඇතුලේ ඉන්නවා. නිකොලස්ට හිතාගන්න බැරිවුණා. මෙන්න මේ අතරේ එයාගේ චිත්‍රයේ ඇඳල සිටි කුඩා ළමුන් ටික එයා ලගට දුවගෙන ආවා.

"ඔයා කවුද?" ඒ අතර සිටි පුංචි ගැහැණු ළමයා ඇහුවා.

Monday, February 21, 2022

දගකාර රෝසි (Dagakara Roshi) by Dilsha Divyanjali Jayasinghe

 දඟකාර රෝසි

රෝසි දඟකාර පුංචි ගැහැණු ළමයෙක්. එයාට සෙල්ලම් බඩු ගොඩක් තිබුණා. බෝනික්කෝ, සෙල්ලම් පිඟන්, සෙල්ලම් කෝප්ප, සෙල්ලම් කාර් වගේ ගොඩක් ජාති වලින් පිරුණු සෙල්ලම් බඩු කාමරයක්ම තිබුනා. හැබැයි එයා සෙල්ලම් බඩු පාවිච්චි කලේ හරිම නරක විදිහට. එයා පිඟන් කැඩුවා, සෙල්ලම් කාර් එකේ රෝද ගැලෙව්වා, බෝනික්කන්ගේ පුළුන් අයින් කරා. එයා හරියට සෙල්ලම් බඩු වලට කරදර කළා.


රෝසිගේ සෙල්ලම් බඩු වලට අපූරු හැකියාවක් තිබුණා. එයාලට එයාලත් එක්කම කතාකරන්න පුළුවන්. මේක රෝසි දැනගෙන හිටියේ නෑ. රෝසි දවසක් එයාගේ සෙල්ලම් බඩු වලට සුපුරුදු ලෙස කරදර කරලා කාමරයෙන් එලියට ගියා. එදත් රෝසිගේ සෙල්ලම් බඩු වලට ගොඩක් කරදර වෙලා තිබුණා.



Thursday, February 10, 2022

පෙට්ටගමේ යාළුවා (Pettagame yaluwa) by Dilsha Jayasinghe

 පෙට්ටගමේ යාලුවා

එදා මහා කළුවර දවසක්. පන්සිදු නිවාඩුවට අත්තම්මලගේ ගෙදර ඇවිල්ලයි හිටියේ.

ඩෝං… ඩීං… අකුණු සද්දේ ඇහෙද්දී පන්සිදු වෙවුලනවා. එයාට දාඩියත් දානවා.

                                      


"පුතේ ...මගේ ඇගට හරි නෑ වගේ. මම යනවා හාන්සි වෙන්න." ආච්චි කිවුවා.

පන්සිදුත් ඇදට ගිහින් හාන්සි වුනා.

"ඕංං ඕංං ..." පෙට්ටගම ඇතුලෙන් අමුතු සද්දයක් ඇහුණා.

පෙට්ටගම ඇතුලේ හොල්මනක්ද කොහේදෝ කියලා පන්සිදුට හිතුණා.

"අ ..අ .. ආ..ච්චී මට බයයි....." පන්සිදු කෑ ගහගෙන කාමරයෙන් එළියට යන්න හැදුව විතරයි පෙට්ටගමෙන් එලියට භූතයෙක් මතුවුණා. ඒ භූතයා නිල් පාටයි, ඇග හරියට බෝලයක් වගෙයි. පෙනුමනම් නපුරු පාටක් නෑ.

"ඔයා කවුද?" පන්සිදු ටිකක් එඩිතර විදිහට ඇහුවා. භූතයා එයා පෙට්ටගමේ සිරවුණු ආත්මයක් බවත් කුඩා දරුවන්ට වරයන් දියහැකි භූතයෙකු බවත් කීවා.