Thursday, February 17, 2022

අම්මලා (mothers) by Channa B Dolapihilla

 

අම්මලා

 

විප්ලවීය ගරිල්ලා භට කණ්ඩායමේ ඔත්තු සේවා බළ ඇණියට සම්බන්ධ වී ඉදිරියට ගමන් කරමින් සිටි මා පමණක් මඟ හැරුණේ කෙසේ දැයි ප්‍රහේලිකාවකි.


අප සියලු දෙනා විසින් පිළිපදිනු ලැබුවේ එකම නීති රීති පද්ධතියක් ය.


ඈතින් ඈතට යන පියවර කිහිපයක හඬ පමණක් මට දැන් ඇසෙයි. මා දැන් අතරමං වී ඇත.


ස්වල්ප වේලාවක් මම එළිමහනට පැමිණියෙමි. රාජ්‍ය හමුදා ඒකකය තිබෙන්නේත් මා සිටි තැනට නුදුරිනි. ඉහළින් කැලෑවකි. පහළින් නිවෙස් කිහිපයක් දිස්විණි.


මෙම කුඩා බටහිර ගම්මානයේ මිනිසුන් ආර්ථික අතින් පහත් තත්වයක සිටියත් ආගන්තුක සත්කාරයට ඔවුන් හපන්නුය. යම් දිනක ඔබට මෙම ගම්මානයේ ගමන් කිරීමට සිදුවුණොත් ඔබට හමුවන පළමු වැනි පුද්ගලයාම ඔබගේ තතු විමසා ඔහුගේ නිවෙසට කැඳවාගෙන යනු ඇත. එහි දී ඔහුට කෑමට යමක් නොතිබුණත් ඔහු ඔබට කෑමට යමක් දෙනු ඇත.


එම නිවෙස දෙසට යෑමට තීරණය කළ මම ඉදිරියට ඇදුණෙමි. ආගන්තුක සත්කාරය සඳහා කිසිවකු ඉදිරිපත් නොවේවා යන සිතුවිල්ලෙන් යුතු ව රිවෝල්වරයත් අත් බෝම්බයත් කබායට මුවා කරගත් මම ගමන ඉක්මන් කෙළෙමි.


එනමුදු මා හට ගම්මානයේ පළමුවැනි නිවෙස පසුකර යෑමට නොහැකි විය.


අත් නැති කබායකින් සැරසුණු මැදිවියේ මාතාවක මා ඉදිරියේ පෙනී සිටියාය.




"සුබ උදෑසනක් මාගේ පුත්‍රයාණෙනි." ඇය මට සුබ පැතුවා ය.


මමත් පෙරළා සුබ පැතුවෙමි.



මගේ නම කුමක්දැයි ඇය ඇසුවාය.


"මොම්මිල්" යැයි මා පැවසූ සැණින් ඇයගේ මුහුණට එළිය වැටිණි.


මගේ පුතාගේ නමත් මොවිල්තෙ. එයා සොල්දාදුවෙක්. අහෝ ජේසුනි අපි නුඹලා ආදරයෙන් හදා වඩා ගත්තා. ඒත් උත් නුඹලා යුද්දෙට අරගෙන යනවානේ ඊට පස්සේ අපට නුඹලා බලා ගන්නවත් ලැබෙන්නේ නෑනේ. 


"ඔබ කොහෙද මේ යන්නේ?" ඇය විමසුවාය.


මා කෙහේදෝ ගම්මානයක නමක් සඳහන් කළ විට විස්මය පළ කළ ඇය. ඕ.. එහාට සෑහෙන්න දුරයිනේ, ඔය ළමයා කොහේ ඉඳලද එන්නේ යනුවෙන් විමසුවාය.


මම එහේ ඉන්න හැම දෙන ම දක්කවා එයා. ඔබ මොන පවුලෙන් පැවතෙන කෙනෙක්දැයි ඇය විමසු විට බොරු කීමේ සීමාව අවසන් විය.


කලබල වූ මම මොහොතක් ගොළු විය. අනතුරුව කටහඬ අවදි කෙළමි.


"කොහේ කෙනෙක්ද? යන්නේ කොහාට ද කියන්න තරම් සුදුසු තත්ත්වයක් නොවෙයි. මම ඉන්නේ."


මැදිවියේ මාතාවගේ දෙනෙත් විස්මයෙන් දිළිසුණේය.


" සමාවෙන්න දරුවා අපි මෝඩයිනේ." යටහත් පහත්ව ඇය මිමිනුවාය.


ඇය එකවර ම මට ළංවී මගේ අත තරයේ අල්ලාගෙන එන්න අපේ ගෙදර ගිහින් මොනවා හරි කමු කීවාය.


ඇයගෙන් ගැලවී යාමට අපහසු බව දැනුණු බැවින් මම ඇය සමග ගියෙමි. කෑමට යමක් සූදානම් කරන අතරතුර ඇගේ පුතා මා මෙන් ම කඩවසම් තරුණයකු බව ඇය මගේ දෙනෙත දෙස බලමින් කීවාය.


"ටික වේලාවකට ඉස්සර මං සොල්දාදුවක් පරිසක් දැක්කා සමහර විට ඔබේ පුතාත් හිටිය ද දන්නේ නෑ." යි මා පවසද්දී, "නෑ නෑ පුතා එයා බොහොම ඈත සෝමන්වලයි ඉන්නේ." කීවාය.


නිවෙස පිටතින් හඬක් නැගුණි. මගේ හදවත ගැස්සුණි.


"හලෝ රෙන්ජීවා, මොම්විල් පුතා නිවාඩුවට ඇවිත් වගේ."


මා සමඟ සිටි මැදිවියේ මව ද මදක් තිගැසිණි.


කතා කෙළේ මැදිවියේ තවත් මාතාවකි. ඇය ජනේලයෙන් ද එබී බැලූ නිසා ඇයට කතා නොකර සිටිය නොහැකි විය.


"ඔව් ඔව් මේ මොම්විල් තමයි, ඒත් මගේ පුතා නොවේ."


"මේ අපේ නෑදෑයෙක්."


රන්ච් ඔයා කඩමණ්ඩියට යනවා දැයි මා සමඟ සිටි රෙජිවා මාතාව විමසුවාය.


"තරුණයෙක් මටත් එයාව බලන්න පුළුවන්ද? මගේ පුතා නික්ලින් යුද්දෙට ගිහින්.. මාත් ඉන්නේ දුකෙන්."


මට සිදු වුණේ අලකලංචියකි. නිවෙසට ඇතුළු වූ ඇය ද තම පුතුගේ හැඩ රුව මට සම කරන්නට වූවා ය.


මට දෙලොව රත් විය. රාජ්‍ය සොල්දාදුවන් පිරිසකගේ සේයාවක් ජනේලයෙන් දුටු මම පලා යෑමට සැරසුණෙමි. අම්මාවරු තුෂ්නිම්භූතව බලා සිටියහ.


රෙජීවා මාතාව මගේ ගමනට බාධා කරමින් "උන් දැන් පුතාව අල්ලාගනීවි" යි බිය මුසු සුවරයෙන් පැවසුවාය.


ඇයගේ කියමන සත්‍ය වුවත් එතැන සිටියොත් මා අසුවෙනවා නිසැකය.


ඔවුන් ලවා ඔබේ ගෙදරට ගිනි තියා ගන්න කැමැති දැයි මම තරමක් දැඩි ස්වරයෙන් පැනයක් නැගුවෙමි.


ඇය හිස අත බදා ගත්තාය.


"අනුමානයක් නෑ දැන් ඉතින් උන් මෙහාටත් එනවාමයි. ඔබ එළියට ගියොත් උන් ඔබ ව මරනවාමයි. මෙහෙන් ඉඳගන්නකෝ ඔබ මගේම පුතා මොමවිල් එයාගෙ නිල ඇඳුමකුත් ගෙදර ඇති. බය වෙන්න එපා පුතේ." රෙන් ජීවා එක හුස්මට කීවාය.


කඳු මුදුනින් පහළට බැස ගත් සෙබළුන් තව මොහොතකින් රෙන්ජිවා මාතාවගේ නිවෙසට කඩා වදිනු ඇත.


කිසිවක් කර කියා ගත නොහැකිව සිටි මම තරමක් විශාල වූ මොවිල්ගේ නිල ඇඳුම මගේ පුල්ලි නිල ඇඳුමට උඩින් කඩිනමින් ඇඳ ගන්නට දැගලුවෙමි.


මාතාවෝ මට උදවූ දුන්හ. රෙන්ජවාගේ මව ගීතයක් ගැයුවාය.


ඒ අතරතුර රාජ්‍ය හමුදා සැරයන්වරයෙක් සහ සෙබළු දොර කඩා පිනූහ.


රෙජිවා මව කලබල නොවී කාමරයකට දිව ගොස් බ්‍රැන්ඩි බෝතලයක් ගෙනාවාය.


"ඔබ හැම දෙනාම ආවේ හොඳම වෙලාවට ඔය ගොන්ගෙම හමුදාවේ ඉන්න මගේ පුතා මොවිල් නිවාඩුවට ගෙදර ඇවිල්ලා ඉතින් අපි හැමෝම බ්‍රැන්ඩි බලා ප්‍රීති වෙමු.” යි ඇය ඇරියුම් කළාය.


බ්‍රැන්ඩි බෝතලය දෑතින් ම පිළිගත් නපුරු සැරයන්ගේ තියුණු නෙත් මා දවා අළු කිරීමට සමත් විය.


"තමාගේ සේවා ස්ථානය කොහේ ද?" ඔහු පැනයක් නැඟීය.


"සායුමේන්වල." මම සීරුවෙන් පිළිතුරු දුනිමි. බ්‍රැන්ඩි වීදුරු අතිනත යැවිණි.


"බොන්න දරුවන් බොන්න." රෙජීවා මාතාව ප්‍රීතියෙන් කීවාය.


"බ්‍රැන්ඩි නම් පංකාදුයි." සෙබළු ඇස් රතු කරගෙන කීහ.


"දැන් ඉතින් වහාම බීම නවත්වනවා, රාජකාරිය අමතක වුණාද?" නපුරු සැරයන් පොළොවේ අඩි හැප්පුවේ ය.


ඊට පසු මඳ නිහැඬියාවකි. නපුරු සැරයන් සැණෙකින් මා දෙස හැරෙනවාත් සමඟම රෙජිවා මාතාව තවත් ගීතයකට මුල පිරුවාය.


"දැන් ටිකකට ඉස්සර අර කන්දෙන් පහළ බැස්සේ ඔබ මා දෙස යටැසින් බැලූ නපුරු සැරයන් ගෙරවී ය. නේ ද?"


"මම නං බැස්සේ නෑ. වෙන කවුරුවත් බැස්සද දන්නේ නෑ."   මම ඇඟට නොදැනෙන්නට පිළිතුරු දුනිමි.


"වෙන කවුරුවත්. ම්. වෙන කවුද?"


කෝපයෙන් ගෝලුගත් සැරයන් සෙබළුන්ට සංඥා කෙළේය.


මට හීන් දාඩිය වැටුණේය.


"කලබල වෙන්න එපා.. තව බ්‍රැන්ඩි තියෙනවා. මොවිල් පුතා ඒවා අරන් එන්න කෝ." රෙජිවා මව එසේ කියද්දි මම පියවරක් ඉදිරියට තැබුවෙමි.


රන්ඩා මාතාව මහත් කලබලයෙන් එතැනට කඩා වැද "ඔය ෆෙල්ලෝ මේ ළමයා අල්ලන්න හදනවා අර මිනිසා රෙන්ජීවාගේ අස්සයත් අරන් පැනලා ශියා" යි කෑගැසුවාය.


සැරයන්ගේ ඇස් උඩ ඉන්දවිණි.


"මිනිහගේ අතේ ආයුධ තිබුණාද?"


 සෙබළුන්ට බැන වැදුණු ඔහු නිවෙසින් එළි පනින්නට සූදානම් විය.


"ඔව් ඔව්.. එක අතක තුවක්කුවක් ආ අනික් අපේ බෝම්බයකුත් තිබුණා." රන්වා මාතාව කලබලයෙන් කීවා ය.


කඩුල්ල පැන්න ඇය දකුණු දෙසට අත දිගු කළාය.


සැරයන් ඇතුළු සෙබළු අඩියට දෙකට ඒ දෙසට දිව ගියහ.


සැඳෑවේ හිරු ගිලෙද්දී මාතාවන් සිප සැනසූ මා අනේක වාරයක් තුති පුදමින් සමුගත්තේ අම්මාවරුන්ගේ කරුණා මහිමයෙන් මගේ දිවි ගැලවුණු අයුරු මියෙන තුරාවට සිහි කරමි යන පැතුම් සිත් සතන්හි ධාරණය කැර ගනිමිනි.


          (බල්ගේරියානු ජාතික ගොරි සොටෙයේ Mothers කෙටි කථාවේ පරිවර්තනයකි.)

0 Comments:

Post a Comment