ලද දෙයින් සතුටු වීම
ඔන්න එකෝමත් එක කාලෙක ලස්සන පොකුණක් තිබුණා. මේ පොකුණේ
ලස්සන නෙලුම් මලක් තිබුණා. ඒ මලේ නම නෙලුම් පැංචි. ඒත් හැමෝම ආදරේට කීවේ පැංචි
කියලා. එයාගේ අම්මා ලඟමයි පිපිලා තිබුණේ. මේ පොකුණ ලඟට ගොඩක් ලස්සන සත්තු ආවා.
ලස්සනම ලස්සන සමනල්ලු, පාට පාට කුරුල්ලෝ, මී මැස්සො හැමදාම වගේ මේ පොකුණට ආවා.
පැංචිට ලොකු ප්රශ්නයක් තිබුණා. එයා ඒක එයාගේ අම්මාට
කීවා.
"අම්මේ සමනල්ලු පියඹනවා, ගෙම්බෝ පනිනවා, හාවෝ දුවනවා. ඇයි අම්මේ මට මේ එකක්වත් කරන්න බැරි?".
පැංචි කියපුදේ අහලා පැංචිගේ අම්මටයි අනික් සතුන්ටයි
ගොඩාක් දුක හිතුණා. පැංචි මේ ගැන හිත හිත ගොඩාක් දුක් වුණා.
දවසක් පැංචිගේ යාළුවෝ ටික පැංචිට මෙහෙම කිව්වා.
"පැංචියෝ ඔයා දන්නවද ඔයාට දුවන්න පනින්න බැරි වුනාට, අපි අතරේ ලස්සනම ලස්සන කෙනා ඔයයි කියලා. ඔයා නැතිනම් මේ මුළු පොකුණම අදුරුයි, පාළුයි. ඉතින් ඔයා ඒ ගැන සතුටු වෙන්ට, දුක් වෙන්න එපා.". පැංචිට ටිකක් සතුටු හිතුණා මේක අහලා.
0 Comments:
Post a Comment