අපූරු සිතුවම
නිකොලස් දක්ෂ පුංචි සිත්තරෙක්. ඔහු කුඩාකල සිටම චිත්ර ඇදීමට ඉතා දක්ෂයි. දිනක් ඔහු අපූරු චිත්රයක්චි ඇන්දා. ඒ කුඩා නිවසක් සහ ඒ අසල සෙල්ලම් කරමින් සිටින කුඩා ළමුන් කිහිප දෙනෙකුගේ චිත්රයක්. නිකොලස් මේ අපූරු සිතුවම එයාගේ නිදන කාමරයේ තමයි තියල තිබුණේ. රාත්රියක අමුතු ශබ්දයක් ඇහුණා. ඒ ශබ්දය ඇසුණේ එයාගේ සිතුවම තුලින්. නිකොලස් පුදුමයෙන් එයාගේ චිත්රය ළගට ගිය විගසම එයාව චිත්රය ඇතුලට ඇදිල ගියා. මෙන්න එකපාරටම නිකොලස් එයාගේ චිත්රය ඇතුලේ ඉන්නවා. නිකොලස්ට හිතාගන්න බැරිවුණා. මෙන්න මේ අතරේ එයාගේ චිත්රයේ ඇඳල සිටි කුඩා ළමුන් ටික එයා ලගට දුවගෙන ආවා.
"ඔයා කවුද?" ඒ අතර සිටි පුංචි ගැහැණු ළමයා ඇහුවා.
"ආ ...මම තමයි ඔයාලා හැමෝවම නිර්මාණය කලේ" නිකොලස් පණ්ඩිත ලෙස කීවා.
නිකොලස්ගේ මේ කතාව අහලා කුඩා ළමුන් ටික පුදුම වුණා. නිකොලස් එයාගේ ලෝකයේ තියන අපූරු දේවල ගැන එයාලට කීවා. අහසේ පියාසර කරන ගුවන් යානා, පාරේ යන කාර්, රේල් පිලිවල යන කොච්චි, ඒ විතරක් නෙවෙයි නිකොලස් එයාලට ලෝකයේ ඉන්න විවිධ වර්ගයේ සතුන් හා කුරුල්ලන් ගැන කීවා. මේ සියලු දේවල අහලා එයාලා තව තවත් පුදුම වුණා.
"අනේ අපිට මේ දේවල් කවදාවත් හැබැහින් දකින්න ලැබෙන්නේ නෑනෙ" කුඩා ළමුන් ටික දුක් වුණා.
නිකොලස්ට හොද අදහසක් ආවා.
"ඉන්නකෝ මම ඔයාලට මම කියපු හැමදේම පෙන්වන්නම්කෝ" නිකොලස් සතුටින් කීවා.
නිකොලස් ඇස් දෙක පියාගෙන සිතුවා එයාව නැවත එයාගේ ලෝකයට ගෙනියන්න කියලා. ඒ විගසම එයා එයාගේ නිදන කාමරයට ගියා. නිකොලස් එයා එයාගේ හොදම පාට කූරු අරගෙන අර ළමයි බලන්ට ආසා කරන හැම දෙයක්ම අර චිත්රයේ ලස්සනට ඇන්දා. ගුවන් යානා, කාර්, කොච්චි විතරක් නෙවෙයි ලස්සන ලස්සන කුරුල්ලන්, මල් වර්ග, සතුන් එයාගේ චිත්රයේ ඇන්දා.
කුරුල්ලන්ගේ කිචිබිචිය සිතුවමෙන් ඇහුණා. පාරේ යන වාහන වල හඩත් ඇහුණා. අර පුංචි ළමුන් එක්ක සෙල්ලම් කරන්ට නිකොලස් අයෙත් සිතුමට තුලට යන්ට හැදුවා. කලින් ගිය විදිහට යන්ට හැදුවට බැරි වුණා. සිතුවමේ හරහට කම්බි වගේ දැලක් තිබුණා. නිකොලස් තව තව උත්සාහ කළා. සිතුවම ඇතුලේ ළමුන් කෑ ගහනවා, කුරුන්නන්ගේ හඩ ලගින්ම ඇහුණා.
"මොකද මල්ලී ඔයා ඔය ජනෙලෙන් පනින්ට යන්නේ? අදත් නිදිමතේ කොහෙද යන්ට ගියේ?" නිකොලස්ගේ අක්කා මැරියන් හිනාවෙවී කිවා.
නිකොලස්ට පියවි සිහිය ආවේ එවිටයි. එයා මෙච්චර වෙලා දැකල තියෙන්නේ එහෙනං හීනයක්. නිදාගන්ට කලින් බිත්තියේ එල්ලලා තිබුණු චිත්රය ඇද උඩ. නිකොලස් එකත් හීනෙන් ගලවල බිමට අරන් !
නිකොලස්ට දැකපු හීනෙට හරිම හිනා.
0 Comments:
Post a Comment