Showing posts with label Channa B Dolapihilla. Show all posts

Friday, February 25, 2022

රතු ඉර - චන්න බණ්ඩාර දොළපිහිල්ල

 රතු ඉර

ට්‍රික්සි සිවිලිම දෙස ම බලාගෙන සිටියා ය. රළ බිඳෙන හඬ හෝටල් කාමරයට ඇසුණේ ගීත රාවයක් විලසිනි.



බඩ මහත සිරිමාන්න ඇය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේ රටක් රාජ්‍යයක් අත්පත් කැර ගත් ලීලාවෙනි.

*****

"බොස් මේ දැන් ඇමතිතුමා කතා කළා."

ට්‍රික්සිගේ සුරතල් වදන් ඇසෙද්දී මේසය මත තිබූ සියලුම දුරකතන එකවර ම නාද විය.


Thursday, February 17, 2022

අම්මලා (mothers) by Channa B Dolapihilla

 

අම්මලා

 

විප්ලවීය ගරිල්ලා භට කණ්ඩායමේ ඔත්තු සේවා බළ ඇණියට සම්බන්ධ වී ඉදිරියට ගමන් කරමින් සිටි මා පමණක් මඟ හැරුණේ කෙසේ දැයි ප්‍රහේලිකාවකි.


අප සියලු දෙනා විසින් පිළිපදිනු ලැබුවේ එකම නීති රීති පද්ධතියක් ය.


ඈතින් ඈතට යන පියවර කිහිපයක හඬ පමණක් මට දැන් ඇසෙයි. මා දැන් අතරමං වී ඇත.


ස්වල්ප වේලාවක් මම එළිමහනට පැමිණියෙමි. රාජ්‍ය හමුදා ඒකකය තිබෙන්නේත් මා සිටි තැනට නුදුරිනි. ඉහළින් කැලෑවකි. පහළින් නිවෙස් කිහිපයක් දිස්විණි.


මෙම කුඩා බටහිර ගම්මානයේ මිනිසුන් ආර්ථික අතින් පහත් තත්වයක සිටියත් ආගන්තුක සත්කාරයට ඔවුන් හපන්නුය. යම් දිනක ඔබට මෙම ගම්මානයේ ගමන් කිරීමට සිදුවුණොත් ඔබට හමුවන පළමු වැනි පුද්ගලයාම ඔබගේ තතු විමසා ඔහුගේ නිවෙසට කැඳවාගෙන යනු ඇත. එහි දී ඔහුට කෑමට යමක් නොතිබුණත් ඔහු ඔබට කෑමට යමක් දෙනු ඇත.


එම නිවෙස දෙසට යෑමට තීරණය කළ මම ඉදිරියට ඇදුණෙමි. ආගන්තුක සත්කාරය සඳහා කිසිවකු ඉදිරිපත් නොවේවා යන සිතුවිල්ලෙන් යුතු ව රිවෝල්වරයත් අත් බෝම්බයත් කබායට මුවා කරගත් මම ගමන ඉක්මන් කෙළෙමි.


එනමුදු මා හට ගම්මානයේ පළමුවැනි නිවෙස පසුකර යෑමට නොහැකි විය.


අත් නැති කබායකින් සැරසුණු මැදිවියේ මාතාවක මා ඉදිරියේ පෙනී සිටියාය.




"සුබ උදෑසනක් මාගේ පුත්‍රයාණෙනි." ඇය මට සුබ පැතුවා ය.


මමත් පෙරළා සුබ පැතුවෙමි.


මම (mama) by Channa Bandara Dolapihilla

 මම


ජරබාරාස් ....


මිනී කාමරේ දිග ලාච්චුවක් ඇරේ.


මැදිවියේ තැනැත්කුගේ මළ සිරුරක් එහි දිස් වේ.


ටී.කේ. උභයවීර


වයස හතළිස් දෙකයි.


මරණයට හේතුව - සිරෝසිස්.


"දැන් මෙතන අත්සන් කරලා මිනිය බාර ගන්න."


මිනී කාක්කන්ගේ ඇස් ගිනි පුළිඟු මෙන් ළඟ ළඟ ම දිස් වෙද්දී මළකඩ බොඩියක් ගැසූ මිනී රථය පේරාදෙණිය රෝහලේ මෝචරියෙන් පිටවිය. රංජනීත් දරුවනුත් තුෂ්නිම්භුතව බලා සිටිය දී සුදු මීදුම් සළුවක් ඉහළට එසවිණි.




Tuesday, February 15, 2022

අප්පච්චි (Appachchi) by Channa Bandara Dolapihilla

අප්පච්චි 

    බැද්දෙන් ඇසෙන වෙඩි හඬින් හිත තිගැස්සෙන රැයේ නින්ද පමා වී ඇස පියවුණේ අලුයමත් ගෙවී යාමෙන් අනතුරුව ය. අම්මාගේ හඬ සිහිනෙන් මෙන් සවනත වැකුණි.


    "වෙඩි සද්දෙට කන් දීගෙන හිටි අප්පච්චීටත් නින්ද ගියේ නෑ. මයේ පුතේ අපිට හැමදාම දුක. බුදියාගෙන ඉඳලා හටියන්නේ නෑ. ජීවත් වෙන්නත් එපායැ, කියලයි අප්පච්චී උදෙන් ම ගියේ. රොටියකුයි කහට කෝප්පයකුයි හතුරු කෑල්ලකුයි උඹේ අතේ එවන්න කිව්වා."


    මා ළිඳ පැත්තට යදද්දී කුරුලු කිචි බිචිය මැද හිරු රැස් එබිකම් කරන්නට විය.




    අපට මෙදා කුඹුරු කරන්නට බැරි වුණේ පැවිල්ල සෑහෙන කාලයක් අල්ලාගෙන සිටි නිසාම නොවේ. කුඹුරු කරන්නට ඈතට යැමට බිය වූ තිසාවෙනි.