Tuesday, February 22, 2022

මිතුදම - දිල්ෂා ජයසිංහගේ නිර්මාණයක්

 මිතුදම



ති
නුජී සහ සනුෂි කියන්නේ හොදම යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්න දුවන්න පනින්න වගේම ලියන්න කියන්නත් ගොඩක් දක්ෂයි. දවසක් එයාලගේ පාසලේ දිවීමේ තරගයක් පැවැත්වෙන බව දන්වා පාසැල් බිත්ති පුවත්පතේ පෝස්ටර් එකක් තිබුණා.

"අපි දෙන්නත් මේකට සහභාගී වෙමු නේද?" තිනුජි සනුෂිගෙන් ඇහුවා. දෙන්නම තරගයට සහභාගී වීමට තීරණය කළා. තරගයට ඇත්තේ තව සති දෙකයි. දෙන්නම හොදට නොකඩවා පුහුණුවීම් කළා.



ඔන්න තරගය පවත්වන දිනයත් උදා වුණා. හැමෝම පාසලේ පිට්ටනියේ.

"සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම!  අද දිවීමේ තරගයට සහභාගිවන සියළු දෙනාම දිවීමේ මංතීරුව වෙත පැමිණෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි" ක්‍රීඩා භාර ගුරුතුමා ශබ්ද විකාශනය තුලින් නිවේදනය කළා.

තිනුජීයි සනුෂියි තම තමන්ගේ මංතීරු වෙත පැමිණියේ තරමක් බියකිණි. එහෙත් දෙදෙනාගේම තරගය දිනීමේ හොද අධිස්ටානයක් තිබුණි.

තරග අරම්භක විධානය දෙන ගුරුතුමා හැමෝටම  සූදානම් වන ලෙස කිවේය.

"සැරසෙන් ... එලවේන්...යා..." විධානය ලැබුණි.

තිනුජී ඉතාමත් දක්ෂ ලෙස ඉදිරියෙන්ම දිව  ගියාය. සනුෂිත් තම උපරිම වේගයෙන් ඉදිරියට ආවාය. තිනුජි දිනුම් කණුව ආසන්න වෙද්දී පයපැටලි බිම ඇද වැටුනාය.


                        

 තිනුජීට  පිටුපසින්ම ආ සනුෂි ක්ෂණිකව මෙය දුටුවාය. අනපේක්ෂිත ජයග්‍රහණය අතළග තිබුණද තම ලගම මිතුරියට වූ දෙය දැක නිතැනින්ම සනුෂි තිනුජි ලග නැවතුනාය. පිටුපසින් ආ අනිකුත් තරගකරුවන් ඔවුන් පසුකර ගියෝය.

"තිනුජි නැගිටින්න. එන්න මම ඔයාට උදවු කරන්නම්. අපි කොහොම හරි තරගය අවසන් කරමු." යැයි සනුෂි කාරුණිකව කීවාය.

අමුතු පණක් ලැබුවාක් මෙන් තිනුජි, සනුෂිගේ උදවුවෙන් නැගිට, දෙදෙනාම එකට දුවගොස් තරගය  නිමකලෝය.  ඒ දෙදෙනා තරගය ජයග්‍රහණය නොකලද තිනුජි සහ සනුෂි සහයෝගයෙන් තරගය නිමාකිරීම ගැන සියලු දෙනාම තුති පුද කලෝය. සනුෂි ආත්මාර්ථකාමී නොවී තිනුජිට කල උපකාරය වෙනුවෙන් ඇයට විශේෂ ත්‍යාගයක් ලැබුණි.

0 Comments:

Post a Comment