රතු ඉර
ට්‍රික්සි
සිවිලිම දෙස ම බලාගෙන සිටියා ය. රළ බිඳෙන හඬ හෝටල් කාමරයට ඇසුණේ ගීත රාවයක්
විලසිනි.
බඩ මහත සිරිමාන්න ඇය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේ රටක් රාජ්‍යයක් අත්පත් කැර ගත් ලීලාවෙනි.
*****
"බොස් මේ
දැන් ඇමතිතුමා කතා කළා."
ට්‍රික්සිගේ
සුරතල් වදන් ඇසෙද්දී මේසය මත තිබූ සියලුම දුරකතන එකවර ම නාද විය.
වේදනාවෙන්
ඇඹරුණු සිරිමාන්න මහත් අපහසුවෙන් වටපිට බලමින් දම් පැහැති දුරකතනයේ රිසිවරය වෙව්ලන
දෑතින් කනට ළං කෙළේය.
"සර් අර
සුදු එළු රැවුලාට ස්කොලෂිප් එක දෙන්න එපා. අර රතු පෙන්දාට දුන්නට කමක් නෑ. මිනිහා
රෑ දවල් කොච්චර පෝස්ටර් ඇලෙව්ව ද? අර කොට ගවුම්
අඳින දැරිවියටත් පඩි වැඩි කළොත් අපිටත් හොඳයිනෙ .. "
"ආ අර..
අනිත් හෘදයා... අර කෙට්ටු හාදයා... ස්ට්‍රයික් එකට ලෑස්තිවෙන එවුන්ගේ නම් ලිස්ට්
එක මට කලින් ම ගෙනත් දුන්නේ... එයාගෙත් පඩි වැඩි කරලා 'සුප්රා' ගේඩ් එකට දාන්න."
"ඔව් ඔව්
මිනිහා කියන කියන පැත්තට නැමෙනවානේ."
එහා කෙළවරෙන්
එලෙස ඇසෙද්දී ඉහවහ ගිය සතුටින් ඉපිලුණු සිරිමාන්න ට්‍රික්සි දෙස අඩවන් දෑසින් බලා
ඉගි මැරුවේය.
දිව හපාගෙන
කල්පනාවේ වැටුණු සිරිමාන්නගේ ගිජුලිහිනි නෙත් ඊළඟට යොමුවුණේ දිනපතා පුවත්පත් දෙසට
ය.
"අද නම්
අපේ ලොක්කාට ගහලා නෑ වගේ."
සිරිමාන්න යළි
ට්‍රික්සි දෙස බලා ප්‍රධාන සිරස්තලය කියවද්දී පපුවේ හතිය වැඩිවේගෙන ගිහින් නළලේ දා
බිඳු මතු විය.
ළඟදීම මහ
ඡන්දයක්
ඔහු කලබලයෙන්
රිසිවරය අතට ගත්තා පමණි. දොළකුඹුර හතිදාගෙන කාමරයට ආවේය.
"අනේ සර්
මගේ ඩිපාට්මන්ට් එකේ මිනිස්සු වැඩ කරන්නේ හරි ම හිමින් අවුරුදු ගණනකින් පඩි වැඩි
කරලා නෑ. ලියුම් කප්පරක් ලිව්වත් වැඩක් වෙලා නැතිලු."
"කට්ටියකගෙ
ඉන්ක්‍රීමන්ට් නවත්තලා."
"අඩු ගානේ මගේ
ප්‍රමෝෂන් එකවත් හදලා දෙන්න සර්."
"තමුසෙ
අද පත්තර කියෙව්ව ද? දොළකුඹුර දැන්
ඉතින් ඡන්දෙට ලෑස්ති වෙනවා."
"දැන්
යනවා."
සිරිමාන්න
කෝපයෙන් කෑගසද්දී පස්සට විසි වූ ඔහු එළියට පැන ගත්තේ හික් මීයකු ලෙසිනි.
"සර්
ලියුම් ටික ඊමේල් කළා."
වතුර
වීදුරුවක් බීගෙන බීගෙන ගිය සීමාන්ත නිල රථයට ගොඩවුණේ ඇමතිතුමා මුණ ගැසීමට ය.
මහ ඡන්දෙට නාම
යෝජනා දෙන දිනය ළංවෙද්දී සිරිමාන්න වෙඩි කෑ ඌරකු මෙන් දකින දකින අයට කඩා පැන්නේය.
සේවක දුක් ගැනවිලි දහස් ගණනක් කුණු ගොඩට එක්විය. වැඩ බැරි අයට දිගට ම උසස්වීම්
ලැබී වැඩ පුළුවන් අය පැත්තකට විසිවුයේ දෙකේ කොළේ ගාණටය.
"ආණ්ඩුව
පැරදුණොත් අපේ නම්බුව ඉවරයි."
සිරිමාන්නගේ
බිරිය සුපුරුදු කන්කෙඳිරිය පටන් ගත්තා ය.
"ඩෝන්ට්
වොරි ඩල්සි. ශක්‍රයා ආවත් ආණ්ඩුව හොල්ලන්න බෑ. ඔයා මේ ලෝකේ දෙයක් දන්නේ නෑනේ. පේන්නේ
නැද්ද රටේ හැම තැනම කානිවල්."
ලෝක විනාශය අත
ළඟට පැමිණ ඇති කඩි මුඩියකින් සිරිමාන්න විස්කි බිව්වේය.
"මං හෙටම
ලොක්කාගේ ගෙදර ගිහින් රන්තිලකයගේ බෙල්ල කපලා ප්‍රමෝෂන් එක හදා ගන්නවා."
සිරිමාන්නගේ
විකාර කතා අසනු බැරිව ඩල්සි දොර වසා ගත්තාය.
එදා නිදා
ගත්තේ හාන්සි පුටුවේම ය. තනියට හිටියේ බුල්ඩෝග් තඩියා පමණි.
ඡන්දය දා
සිරිමාන්න වැඩට ගියේ නැත. ඩල් සිට නොකීවත් හිත ඇතුළෙන් පැමිණි භීතිය නිසා
සිරිමාන්නගේ හතිය වැඩි විය.
පසුවදා එක
දිගටම රතිඤ්ඤා පත්තු විය.
ආණ්ඩුවට ඉතුරු
වුණේ ආසන දෙක තුනක් පමණි.
ඇඳිරි නීතිය
මැද භීෂණයේ සෙවණැලි ඇදෙමින් සතියක් පමණ ගත විය. තවත් සතියක් වැඩට නොගිය සිරිමාන්නට
ඉතුරු වුණේ එක තුරුම්පුවක් පමණි.
"ඕනෑ
දෙයක් වෙච්චදෙන් හෙට වැඩට යනවා. ඩල්සිත් අම්මලාගේ ගෙදර ගිහින්. ගෙදර ඉන්නෙ මමයි
බල්ලයි කෝකියයි විතරයි.."
සිරිමාන්නට
එදා නින්ද ගියේ නැත.
පසුවදා වැඩට ගිය
ඔහු කා සමගත් සුහදව සිනාසුණි.
දිනපු පැත්තේ
පාටින් යුත් කරපටියක් පැළඳගෙන ගිය නිසා වැඩේ තවත් පහසු වූ බව ඔහු ඉවෙන් මෙන් අවබෝධ
විය.
"ට්රික්සිව
ගලේ වෙලට මාරු කරලා."
"අද ඉඳලා
සර් ළඟ වැඩ කරන්න කිව්වා."
සිල්වියා කොට
ගවුම පහළට අදිමින් සිනාසුණාය.
ටයි මාරු කරපු
හින්දා ගුටි නොකා බේරුණා අද ම අලුත් ලොක්කාවත් අල්ල ගන්න ඕනේ.
තමාටම කියා ගත් සිරිමාන්න දිව හපාගෙන සිල්වියා දෙස හොරැහින් බලා සුපුරුදු පරිදි රතු ඉර ගැසුවේය.
0 Comments:
Post a Comment