මිතුදම
"අපි දෙන්නත් මේකට සහභාගී වෙමු නේද?" තිනුජි සනුෂිගෙන් ඇහුවා. දෙන්නම තරගයට සහභාගී වීමට තීරණය කළා. තරගයට ඇත්තේ තව සති දෙකයි. දෙන්නම හොදට නොකඩවා පුහුණුවීම් කළා.
සයිබර් අවකාශයේ විද්යුත් පුස්තකාලය (Cyberspace digital library)
මිතුදම
"අපි දෙන්නත් මේකට සහභාගී වෙමු නේද?" තිනුජි සනුෂිගෙන් ඇහුවා. දෙන්නම තරගයට සහභාගී වීමට තීරණය කළා. තරගයට ඇත්තේ තව සති දෙකයි. දෙන්නම හොදට නොකඩවා පුහුණුවීම් කළා.
ඔන්න එකෝමත් එක කාලෙක ලස්සන පොකුණක් තිබුණා. මේ පොකුණේ
ලස්සන නෙලුම් මලක් තිබුණා. ඒ මලේ නම නෙලුම් පැංචි. ඒත් හැමෝම ආදරේට කීවේ පැංචි
කියලා. එයාගේ අම්මා ලඟමයි පිපිලා තිබුණේ. මේ පොකුණ ලඟට ගොඩක් ලස්සන සත්තු ආවා.
ලස්සනම ලස්සන සමනල්ලු, පාට පාට කුරුල්ලෝ, මී මැස්සො හැමදාම වගේ මේ පොකුණට ආවා.
දඟකාර රෝසි
රෝසි දඟකාර පුංචි ගැහැණු ළමයෙක්. එයාට සෙල්ලම් බඩු ගොඩක් තිබුණා. බෝනික්කෝ, සෙල්ලම් පිඟන්, සෙල්ලම් කෝප්ප, සෙල්ලම් කාර් වගේ ගොඩක් ජාති වලින් පිරුණු සෙල්ලම් බඩු කාමරයක්ම තිබුනා. හැබැයි එයා සෙල්ලම් බඩු පාවිච්චි කලේ හරිම නරක විදිහට. එයා පිඟන් කැඩුවා, සෙල්ලම් කාර් එකේ රෝද ගැලෙව්වා, බෝනික්කන්ගේ පුළුන් අයින් කරා. එයා හරියට සෙල්ලම් බඩු වලට කරදර කළා.
රෝසිගේ සෙල්ලම් බඩු වලට අපූරු හැකියාවක් තිබුණා. එයාලට එයාලත් එක්කම කතාකරන්න පුළුවන්. මේක රෝසි දැනගෙන හිටියේ නෑ. රෝසි දවසක් එයාගේ සෙල්ලම් බඩු වලට සුපුරුදු ලෙස කරදර කරලා කාමරයෙන් එලියට ගියා. එදත් රෝසිගේ සෙල්ලම් බඩු වලට ගොඩක් කරදර වෙලා තිබුණා.
ටොමීගේ යාළුවා
ටොමී පුංචි බලු පැටියෙක්. ටොමී හිටියේ පුංචි දුප්පත් ළමයෙක් සමඟයි. එයාගේ නම බිංදු, මේ දෙන්නා හිටියේ පුංචි පැලක. මුදල් හොයා ගැනීමට බිංදුයි ටොමියි හුඟාක් මහන්සි වුණා. මේ දෙන්නා නටල ගයල තමයි මුදල් හොයා ගත්තේ. ටොමී කකුල් දෙක උස්සාගෙන නටන විට බිංදු තාලයට සිංඳු කියනවා.
එක දවසක් ටොමීගේ නැටුම්, බිංදුගේ ගැයුම් බලන්න කවුරුවත් ආවේ නෑ. එදා නම් ඔවුන්ට උදේ ආහාරය ගැනීමට බැරිවුණා. ටික වෙලාවකින් පුංචි ළමයෙක් බලූ පැටියෙක් රැගෙන එතනට ආවා.
පෙට්ටගමේ යාලුවා
එදා මහා කළුවර දවසක්. පන්සිදු නිවාඩුවට අත්තම්මලගේ ගෙදර
ඇවිල්ලයි හිටියේ.
ඩෝං… ඩීං… අකුණු සද්දේ ඇහෙද්දී පන්සිදු වෙවුලනවා. එයාට දාඩියත්
දානවා.
"පුතේ ...මගේ ඇගට හරි නෑ වගේ. මම යනවා හාන්සි
වෙන්න." ආච්චි කිවුවා.
පන්සිදුත් ඇදට ගිහින් හාන්සි වුනා.
"ඕංං ඕංං ..." පෙට්ටගම ඇතුලෙන් අමුතු සද්දයක් ඇහුණා.
පෙට්ටගම ඇතුලේ හොල්මනක්ද කොහේදෝ කියලා පන්සිදුට හිතුණා.
"අ ..අ .. ආ..ච්චී මට බයයි....." පන්සිදු කෑ ගහගෙන
කාමරයෙන් එළියට යන්න හැදුව විතරයි පෙට්ටගමෙන් එලියට භූතයෙක් මතුවුණා. ඒ භූතයා නිල්
පාටයි,
ඇග හරියට බෝලයක් වගෙයි.
පෙනුමනම් නපුරු පාටක් නෑ.
"ඔයා කවුද?" පන්සිදු ටිකක් එඩිතර විදිහට ඇහුවා. භූතයා එයා පෙට්ටගමේ
සිරවුණු ආත්මයක් බවත් කුඩා දරුවන්ට වරයන් දියහැකි භූතයෙකු බවත් කීවා.
ජෙලි නංගී
ශීතකරණයේ දොර ඇරුණා. රතු පාට කෑමක්. කවුද මේ..? එයා තමා ජෙලි නංගී.
ජෙලි නංගී කලබලයෙන් ශීතකරණයෙන් එලියට පැනලා ගෙදරින් පිට වුණා.
ජෙලි නංගීට පැණි අයියාගෙන් හරිම කරදරේ. හැම වෙලාවෙම එයාගෙ වැඩේ ජෙලි නංගිව හිර කරන එක. ඔන්න ඔය නිසා තමා ජෙලි නංගී ඉඩ ලැබුණු ගමන් ශීතකරණයෙන් පැන ගත්තේ.
ටික දුරක් යනකොට ජෙලි නංගීට දැණුනා එයා දියවෙන බව.
"ඇයි මේ..?" ජෙලි නංගී හිතුවා.
"ඉර මාමාට තරහ ගිහින් මාව දියකරනවා."
රෝසිගේ උපන්දින තෑග්ග
රෝසි පුංචි ගැහැණු ළමයෙක්. එයාගෙ අම්මායි තාත්තායි රෝසිට ගොඩාක් ආදරෙයි. ඒ රෝසි හොඳ ළමයෙක් නිසා.
රෝසිගේ උපන් දිනය ළඟ ළඟම එනවා. රෝසිගේ අම්මායි තාත්තායි කතා වුණා රෝසිට උපන්දින තෑග්ගක් අරන් දෙන්න.
අනෙක් දවසේ අම්මායි තාත්තායි වැඩ ඇරී ගෙදර එන ගමන් කූඩ සාප්පු ගියා. එහි පාට පාට ලස්සන කුඩ ගොඩාක් තිබුණා. අම්මා ලස්සන පාට පාට මල් තියන කුඩයක් මිලදී ගත්තා. ඔවුන් ඒකත් අරගෙන ගෙදර ගියා. රෝසිට නොපෙනෙන්ට එය අල්මාරියේ දමා වැසුවා. රෝසිගේ උපන් දිනය හෙට.
ඊ ළඟ දවසේ රෝසි උදෙන්ම නැගිට්ටා. එදා පාසල් නිවාඩු දවසක්. අම්මායි තාත්තායි එක්ක රෝසි දානය අරන් පන්සල් ගියා. ලොකු හාමුදුරුවෝ රෝසිට උපන් දිනය වෙනුවෙන් ආශිර්වාද කලා.
ටික වේලාවකින් ඔවුන් පන්සලෙන් පිටවී ගෙදර ආවා.
රෝසිගේ අම්මායි තාත්තායි රෝසිට ලස්සන පෙට්ටියක දැමූ තෑග්ග දීලා සුබ උපන් දිනයකට ආශිර්වාද කළා. එයා අම්මාටත් තාත්තාටත් වැඳ තෑග්ග අතට ගත්තා.
රෝසිට ඉවසිල්ලක් නෑ තෑග්ග බලන තෙක්. පෙට්ටිය ඇරලා තෑග්ග එළියට ගත්තා.
" හරිම ලස්සනයි. " රෝසි සතුටින් කීවා.
හෙට වෙනකම් රෝසිට ඉවසිල්ලක් නෑ අලුත් කුඩේ අරන් පාසල් යන්න.
පහුවදා උදෙන්ම රෝසි පාසල් ගියේ එයාගෙ ලස්සන කුඩෙත් අරගෙන.
අම්මා නැති වූ වඳුරු බබා
ඔන්න එකමත් එක රටක හිටියා වඳුරු රැලක්. මේ වඳුරු රැලේ හිටියා වඳුරු අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි. වඳුරු අම්මාට බබෙක් හම්බ වෙන්න හිටියා. එයාලා හරි ආසාවෙන් හිටියේ වඳුරු බබා බලන්න.
දවසක් වඳුරු රැලේ නායකයා කීවා අමාරු සීත කාලයක් එනවා කියලා.
එයාලට දුක හිතුණා එයාලගේ පැටියා මැරෙයි කියලා.
ඉතින් වඳුරු තාත්තා නායක වඳුරා ළඟට ගිහින් ඇහුවා අපි අනිත් පළාතට යන්නෙ කවදාද කියලා.
එතකොට නායක වඳුරා කීවා හෙට යමු කියලා.
බිංදු උදෙන්ම නැඟිට මුහුණ කට සෝදා පාසල් යන්න ලෑස්ති වුණා. බිංදු පාසල් යන්න කලින් බිංදුගේ පූසි පැටියාට කතා කරලයි යන්නේ.
"පූසියෝ, ඔයා කොහේද..?"
"හැංගිමුත්තං කරන්ට බෑ. මට ඉස්කෝලේ යන්න තියනවා. ඉක්මනට එන්න."