Saturday, January 1, 2022

ජෙලි නංගී by Ishira Savindi Jayasinghe

ජෙලි නංගී

 

    ශීතකරණයේ දොර ඇරුණා. රතු පාට කෑමක්. කවුද මේ..? එයා තමා ජෙලි නංගී.


    ජෙලි නංගී කලබලයෙන් ශීතකරණයෙන් එලියට පැනලා ගෙදරින් පිට වුණා.


    ජෙලි නංගීට පැණි අයියාගෙන් හරිම කරදරේ. හැම වෙලාවෙම එයාගෙ වැඩේ ජෙලි නංගිව හිර කරන එක. ඔන්න ඔය නිසා තමා ජෙලි නංගී ඉඩ ලැබුණු ගමන් ශීතකරණයෙන් පැන ගත්තේ.




    ටික දුරක් යනකොට ජෙලි නංගීට දැණුනා එයා දියවෙන බව.


    "ඇයි මේ..?" ජෙලි නංගී හිතුවා.


    "ඉර මාමාට තරහ ගිහින් මාව දියකරනවා."



    "ඉර මාමේ, මාව දිය කරන්ට එපා. මම හොඳ ළමයෙක්නෙ."


    "මම ඔයාව දිය කරන්නේ නෑ ළමයෝ. දවල්ට මට නිකම්ම තරහ යනවා.'


     ජෙලි නංගී ඉර මාමා බැස යනකම් ගහක් යටට ගියා. ගහ යට ඉඳ ගත්තා.


    "ටිං ටිං, ටිං ටිං... "


    "කවුද ඔතන ඉන්නේ." ජෙලි නංගී අසුවා.


    "බය වෙන්න එපා, මම තමයි ටිං ටිං." ලේන් පැටියෙක් උත්තර දුන්නා.


    "ආ.. කොහොමද ටිං ටිං. මම ඔයාල වගේ අය දැකලාම නෑ.


    "ආ ඇත්තද..?" ටිං ටිං කීවා.


    "එතකොට ඔයා කවුද..?" ටිං ටිං ඇසුවා.


    "මම තමයි ජෙලි නංගී. ටිං ටිං, අපි අද ඉඳන් හොඳ යාළුවෝ වෙමුද..?" ජෙලි නංගී කීවා.




    "හා හා, මමත් කැමතියි ඔයාගෙ හොඳ යාළුවෙක් වෙන්න. අපි දෙන්නා එළියට යමුද සෙල්ලම් කරන්න..?" ටිං ටිං කීවා.


    "අපෝ.. මට නම් බෑ දැන් එළියට යන්න. මාව දිය වෙයි." ජෙලි නංගී කීවා.


    "ආ.. එහෙනම් අපි මේ ගහයට ඉඳන් සෙල්ලමි කරමු." හවස් වෙනකම් ජෙලි නංගියි ටිං ටිනුයි ගොඩාක් සෙල්ලම් කලා.


    "ආ.. දැන් හවස් වෙලා. අපි දැන් එළියට යමු."


    "මට වතුර තිබහයි." ජෙලි නංගී කීවා.


    "මටත් එහෙමයි, අපි යමු ගඟ පැත්තට වතුර ටිකක් බොන්න." ටිං ටිං කීවා.


    මේ දෙන්නා වතුර බොන්න ගඟ ලඟට ගියා.


    වතුර බිබී ඉන්නකොට එක පාරටම "ජබෝස්" ගාලා ජෙලි නංගී ගඟට ලිස්සලා වැටුණා.


    "අනේ මාව බේරා ගන්න." ජෙලි නංගී කෑ ගැසුවා.


    ටිං ටිං ට කරගන්න දෙයක් නෑ. එයා ජෙලි නංගී ගහගෙන යන පැත්තට ගඟ ඉවුර දිගේ දුවගෙන ගියා.


    මේ අතරෙදි ටිං ටිං ගේ පරව් යහළුවා හමිබ වුණා.


    "පරවි යාලූවේ, මගේ යාළු ජෙලි නංගී ගඟේ ගහගෙන යනවා. ඔයා


    පියාඹගෙන ගිහින් එයාව බේරාගෙන එන්නකෝ." ටිං ටිං පරවි යහළුවාට කීවා. පරවි යහළුවා ඉක්මනට පියාඹාගෙන ගිහින් ජෙලි නංගිව බේර ගත්තා. ජෙලි නංගිට සිහිය නෑ.


    "අනේ..! නංගිගෙ බාගයක්ම දියවෙලා." ටිං ටිං දුකෙන් කීවා.


    "එයා මෙහෙම හිටියොත් තවත් දියවෙලා අපිට ජෙලි නංගිව නැති වෙයි." පරවි යාළුවා කීවා.


    "අපි දැන් මොකද කරන්නේ..?" ටිං ටිං ට ඇඩෙන්න වගේ.


    "ඉක්මනට එයාව ශීතකරණයකට දාන්ට වෙනවා." පරවි යහළුවා කීවා.


    "එහෙනම් ඉක්මනට අර අපිට කෑම දෙන නැන්දලාගේ ගෙදර ශීතකරණයට දාල එන්න."


    පරවි යාහළුවා ඉක්මනට ජෙලි නංගිව උස්සගෙන නැන්දලාගේ ගෙදරට පියැඹුවා. උඩින් යද්දී ජෙලි නංගිට ටික ටික සිහිය ආවා. පරවි යහළුවා එයාව ඔසවාගෙන යනවා ජෙලි නංගිට දැනුණා.


    මේ අතරේ නැන්දා ජෙලී නංගීව හොය හොයා හිටියේ.


    පරවි යහළුවා ජෙලි නංගීව ශීතකරණය ලඟ බිම තියලා ආපහු ඉගිලිලා ආවා.


    නැන්දා ජෙලි නංගීව දැකලා අතට ගත්තා.


    ජෙලි නංගී ඇස් අරලා බලද්දී එයා හිටියේ නැන්දගේ අතේ.


    "අනේ මාව කන්න එපා." ජෙලි නංගී කෑ ගැසුවා.


    "මම ඔයාව කන්නෙ නෑ, ඒත් ඇයි ඔයා ශීතකරණයෙන් පැනලා ගියේ..?"


    "රෑට මාව පැණි අයියා හිර කරනවා. ඒක නිසා මම හිතුවා ශීතකරණයෙන් පැනලා ගියොත් නිදහසේ ඉන්න තැනක් හොයාගන්ට පුලුවන් වෙයි කියලා." ජෙලි නංගී කීවා.


    "අනේ ඔයා පැනල යන්ට ඕනෙ නෑ. මම ඔයාව ශීතකරණයෙ වෙන පැත්තකට දාන්නකෝ." නැන්දා කීවා.


    නැන්දා ජෙලි නංගීට ශීතකරණයේ වෙනම තැනක් හදලා දුන්නා.


    ජෙලි නංගී ඊට පස්සේ කරදරයක් නැතිව හොඳට හිටියා.


මේ කතාව ලීවේ ඉෂිරා සවින්දි ජයසිංහ (3 වසර)

0 Comments:

Post a Comment