දඟකාර රෝසි
රෝසි දඟකාර පුංචි ගැහැණු ළමයෙක්. එයාට සෙල්ලම් බඩු ගොඩක් තිබුණා. බෝනික්කෝ, සෙල්ලම් පිඟන්, සෙල්ලම් කෝප්ප, සෙල්ලම් කාර් වගේ ගොඩක් ජාති වලින් පිරුණු සෙල්ලම් බඩු කාමරයක්ම තිබුනා. හැබැයි එයා සෙල්ලම් බඩු පාවිච්චි කලේ හරිම නරක විදිහට. එයා පිඟන් කැඩුවා, සෙල්ලම් කාර් එකේ රෝද ගැලෙව්වා, බෝනික්කන්ගේ පුළුන් අයින් කරා. එයා හරියට සෙල්ලම් බඩු වලට කරදර කළා.
රෝසිගේ සෙල්ලම් බඩු වලට අපූරු හැකියාවක් තිබුණා. එයාලට එයාලත් එක්කම කතාකරන්න පුළුවන්. මේක රෝසි දැනගෙන හිටියේ නෑ. රෝසි දවසක් එයාගේ සෙල්ලම් බඩු වලට සුපුරුදු ලෙස කරදර කරලා කාමරයෙන් එලියට ගියා. එදත් රෝසිගේ සෙල්ලම් බඩු වලට ගොඩක් කරදර වෙලා තිබුණා.
"මට නම් මේක හොදටම ඇතිවෙලා තියෙන්නේ"
කාර් පැංචා කීවා.
හැම සෙල්ලම් බඩුවකටම මේක මහා කරදරයක් වුණා.
රෝසිගේ දඟවැඩ එන්න එන්නම වැඩි වුණා. හැමෝම දුකින් හිටියේ.
හැබැයි සෙල්ලම් තේපොච්චි නැන්දා නම් කලබල වුනේ නෑ. එයාට හොද අදහසක් ආවා.
"පැංචනේ ....චුට්ටක් මෙහෙට එනවද? අපි නිකන් හිටියොත්නම්
රෝසිගේ දඟකාරකම් ඉවරවෙන්නේ නැති වෙයි. අපි එයාට හොද පාඩමක් උගන්නමු. එතකොට රෝසි
දැනගනී අනුන්ට කරදර කිරීම වැරදි වැඩක් කියලා."
තේපොච්චි නැන්දා අදහස් ඉදිරිපත් කළා. හැමෝම කතාවෙලා
අන්තිමට තීරණය කළා රෝසි ගොඩාක්ම ආදරය කරන චූටි මල් වැටිච්චි එයාගේ ලස්සනම ලස්සන
ගවුමේ තීන්ත ටිකක් ගාන්න. හැබැයි දියසායම් වලින්. ඒව හේදුවම යනවනේ.
සෙල්ලම් බඩු ටික කලබලයෙන් කතා කරගත් විදිහට එයාලගේ
වැඩටික ඉවර කළා.
"දැන්නම් රෝසි එනවා ඇති..." බෝනික්කි
හොරෙන් බලමින් කීවා.
ඒත් එක්කම රෝසි කාමරයට දුවගෙන ආවා.
"කෝ මගේ ගවුම...? මගේ ලස්සනම ලස්සන ගවුම..... මොකාක්.?...අනේ!!!! ඒකෙ කොහෙමද
තීන්ත ගෑවුනේ....මට හරිම දුකයි. කවුද එහෙම කලේ?
ඊ ..ඊ..ඈ..ඈ..අම්මා...." රෝසි කෑගගහ ඇඬුවා.
සෙල්ලම් බඩුටික හොරෙන් හැංගිලා බලන් හිටියා.
රෝසිගේ ඇඞිල්ළේ සද්දෙට අම්මා කාමරයට දුවගෙන ආවා.
"දුව ඇයි අඞන්නේ?" අම්මා ඇහුවා.
රෝසි එයාගේ ලස්සන ගවුමට වෙලා තියනදේ අම්මට පෙන්නුවා.
"එදා ඔයා ඔයාගෙ බෝනික්කාගේ ගවුමේ අර ලස්සනට
තිබුණු මල්ටික උඩින් තීන්ත ගාපු වෙලාවේ එයාටත් මෙහෙම දුකක් දැනෙන්ට ඇති."
අම්මා රෝසිට එයා කලින් දවසක කල දඟ වැඩක් මතක් කරදුන්නා.
රෝසි ටික වෙලාවක් කල්පනා කළා. ආයේ කවදාවත් අන් අයට කරදර
කරන්නේ නෑ කියලා රෝසි අම්මට පොරොන්දු වුණා. අම්මා ගවුම සෝදලා දාන්නම් කියලා අරන්
ගියා.
රෝසි කීව දේ ඇහුනු සෙල්ලම් බඩු වලට ගොඩක් සතුටු හිතුණා.
එදා ඉදන් රෝසි ආදරයෙන් සෙල්ලම් බඩු සමග විනෝද වුණා.
මේ කතාව ලීවේ දිල්ෂා දිව්යාංජලී ජයසිංහ (8 වසර)
0 Comments:
Post a Comment