රෝසිගේ උපන්දින තෑග්ග
රෝසි පුංචි ගැහැණු ළමයෙක්. එයාගෙ අම්මායි තාත්තායි රෝසිට ගොඩාක් ආදරෙයි. ඒ රෝසි හොඳ ළමයෙක් නිසා.
රෝසිගේ උපන් දිනය ළඟ ළඟම එනවා. රෝසිගේ අම්මායි තාත්තායි කතා වුණා රෝසිට උපන්දින තෑග්ගක් අරන් දෙන්න.
අනෙක් දවසේ අම්මායි තාත්තායි වැඩ ඇරී ගෙදර එන ගමන් කූඩ සාප්පු ගියා. එහි පාට පාට ලස්සන කුඩ ගොඩාක් තිබුණා. අම්මා ලස්සන පාට පාට මල් තියන කුඩයක් මිලදී ගත්තා. ඔවුන් ඒකත් අරගෙන ගෙදර ගියා. රෝසිට නොපෙනෙන්ට එය අල්මාරියේ දමා වැසුවා. රෝසිගේ උපන් දිනය හෙට.
ඊ ළඟ දවසේ රෝසි උදෙන්ම නැගිට්ටා. එදා පාසල් නිවාඩු දවසක්. අම්මායි තාත්තායි එක්ක රෝසි දානය අරන් පන්සල් ගියා. ලොකු හාමුදුරුවෝ රෝසිට උපන් දිනය වෙනුවෙන් ආශිර්වාද කලා.
ටික වේලාවකින් ඔවුන් පන්සලෙන් පිටවී ගෙදර ආවා.
රෝසිගේ අම්මායි තාත්තායි රෝසිට ලස්සන පෙට්ටියක දැමූ තෑග්ග දීලා සුබ උපන් දිනයකට ආශිර්වාද කළා. එයා අම්මාටත් තාත්තාටත් වැඳ තෑග්ග අතට ගත්තා.
රෝසිට ඉවසිල්ලක් නෑ තෑග්ග බලන තෙක්. පෙට්ටිය ඇරලා තෑග්ග එළියට ගත්තා.
" හරිම ලස්සනයි. " රෝසි සතුටින් කීවා.
හෙට වෙනකම් රෝසිට ඉවසිල්ලක් නෑ අලුත් කුඩේ අරන් පාසල් යන්න.
පහුවදා උදෙන්ම රෝසි පාසල් ගියේ එයාගෙ ලස්සන කුඩෙත් අරගෙන.