Saturday, December 4, 2021

අම්මා නැති වූ වඳුරු බබා (Amma Nathivu Vadhuru Baba) by Ishira Savindi Jayasinghe

 

අම්මා නැති වූ වඳුරු බබා


    ඔන්න එකමත් එක රටක හිටියා වඳුරු රැලක්. මේ වඳුරු රැලේ හිටියා වඳුරු අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි. වඳුරු අම්මාට බබෙක් හම්බ වෙන්න හිටියා. එයාලා හරි ආසාවෙන් හිටියේ වඳුරු බබා බලන්න.




    දවසක් වඳුරු රැලේ නායකයා කීවා අමාරු සීත කාලයක් එනවා කියලා.


    එයාලට දුක හිතුණා එයාලගේ පැටියා මැරෙයි කියලා.


    ඉතින් වඳුරු තාත්තා නායක වඳුරා ළඟට ගිහින් ඇහුවා අපි අනිත් පළාතට යන්නෙ කවදාද කියලා.


    එතකොට නායක වඳුරා කීවා හෙට යමු කියලා.



    වඳුරු තාත්තා ගෙදර ඇවිත් වඳුරු අම්මාට විස්තර කීවා. එදා රෑ ඔක්කමලාම ගමනට ලෑස්ති වුණා.


    අඹ ගෙඩි කඩා ගත්තා ගෙනියන්න මඟදි බඩගිනි වුණාම කන්න.


    ඉර පායාගෙන ආවා. වඳුරු රැලම යන්න පිටත් වුණා.


    ඔහොම දුරක් යද්දී වඳුරු අම්මාට හොඳටම අමාරු වුණා.


    වඳුරු අම්මා වඳුරු තාත්තාට කීවා එයාට හොඳටම අමාරුයි කියලා.


    වඳුරු තාත්තා හැමෝටම කීවා නවතින්න කියලා. ඉතින් හැමෝම නැවතුණා.


    වඳුරු තාත්තා වඳුරු අම්මාව අරගෙන ගහක් ලඟට ගියා. අම්මාට හුඟක් ඇඟ රිදුණා. වඳුරු අම්මා කීවා එයාට අමාරුයි කියලා.


    ටික වේලාවකින් වඳුරු බබා ඉපදුණා. බලද්දී වඳුරු අම්මා මැරිලා. වඳුරු තාත්තාට හොඳටම දුක හිතුණා.


    වඳුරු තාත්තා වඳුරු පැටියාවත් කරේ තියාගෙන දුකෙන් වඳුරු රැල ඉන්න තැනට ගියා. වඳුරු තාත්තා වඳුරු අම්මාට සිදුවූ දෙය රැලේ අනික් අයට කීවා. ඒ අයට හරිම දුක හිතුණා සිද්ද වුණ දෙයට.


    පස්සේ ආයෙමත් වඳුරු රැල ගමන යන්න පිටත් වුණා.


    දවස් ත්නකට පස්සේ එයාලා බලාපොරොත්තු වුණු තැනට ආවා. වඳුරු රැලට බොහෝම සතුටුයි.

    

    වඳුරු රැල සතුටින් එහෙ හිටියා. වඳුරු බබා ටික ටික ලොකු වුණා.




    දවසක් වඳුරු බබා එයාගෙ තාත්තාගෙන් මෙහෙම අහුවා. "තාත්තේ, අනෙක් යාළුවන්ට නම් තව කවුද කෙනෙක් ඉන්නවා. ඇයි මට ඒ වගේ කෙනෙක් නැත්තෙ..?" කියලා.


    ඒක ඇහුවම වඳුරු තාත්තාට හොඳටම දුක හිතුණා.


    වඳුරු බබා ආයෙත් වඳුරු තාත්තාගෙන් ඇහුවා "තාත්තේ, එයාලට කියන නම මොකක්ද...?'' කියලා.


    " එයාට කියන්නේ අම්මා. '' වඳුරු තාත්තා කීවා.


    " ඇයි අපට අම්මෙක් නැත්තේ..? කෝ අපේ අම්මා..?'' වඳුරු බබා ඇහුවා.


    "එයා. ඔයා ඉපදුණ දවසෙම මැරුණා.'' කියල වඳුරු තාත්තා දුකෙන් කීවා.


    "මටත් අම්මෙක් හිටියනම්..!'' කියලා වඳුරු බබා සෙල්ලමි කරන්න ගියා.


    ඉතින් ඊට පස්සේ වඳුරු බබායි, වඳුරු තාත්තායි සතුටින් කාලය ගත කළා.


මේ කතාව ලීවේ ඉෂිරා සවින්දි ජයසිංහ (3 වසර)

0 Comments:

Post a Comment