Showing posts with label Guest messages. Show all posts

Monday, February 21, 2022

දගකාර රෝසි (Dagakara Roshi) by Dilsha Divyanjali Jayasinghe

 දඟකාර රෝසි

රෝසි දඟකාර පුංචි ගැහැණු ළමයෙක්. එයාට සෙල්ලම් බඩු ගොඩක් තිබුණා. බෝනික්කෝ, සෙල්ලම් පිඟන්, සෙල්ලම් කෝප්ප, සෙල්ලම් කාර් වගේ ගොඩක් ජාති වලින් පිරුණු සෙල්ලම් බඩු කාමරයක්ම තිබුනා. හැබැයි එයා සෙල්ලම් බඩු පාවිච්චි කලේ හරිම නරක විදිහට. එයා පිඟන් කැඩුවා, සෙල්ලම් කාර් එකේ රෝද ගැලෙව්වා, බෝනික්කන්ගේ පුළුන් අයින් කරා. එයා හරියට සෙල්ලම් බඩු වලට කරදර කළා.


රෝසිගේ සෙල්ලම් බඩු වලට අපූරු හැකියාවක් තිබුණා. එයාලට එයාලත් එක්කම කතාකරන්න පුළුවන්. මේක රෝසි දැනගෙන හිටියේ නෑ. රෝසි දවසක් එයාගේ සෙල්ලම් බඩු වලට සුපුරුදු ලෙස කරදර කරලා කාමරයෙන් එලියට ගියා. එදත් රෝසිගේ සෙල්ලම් බඩු වලට ගොඩක් කරදර වෙලා තිබුණා.



Friday, February 18, 2022

නිමාණශීලී ඔබට කරනා ඇරයුමකි



නිර්මාණශීලී ඔබට කරන ඇරයුමයි

ඔබගේ ස්වනිර්මාණයන් ලෙස බිහි වූ කෙටිකතා, නවකතා, නිසදැස්, ළමා කතාන්දර ආදිය මෙම වෙබ් අඩවියේ පලකිරීමට ඉඩක් ලබා දීමට මා කැමැත්තෙමි. ඔබගේ ස්වනිර්මාණයන් මෙම බ්ලොග් අඩවියේ පළකිරීමට කැමති නම්, මෙම බ්ලොග් අඩවියේ අනුගාමිකයෙකු ලෙස නොමිලයේම ලියාපදිංචි වී (click Follow button) ඔබගේ නිර්මාණයන් පහත ඊමේල් ලිපිනයට එවන්න.



තෝරාගත් නිර්මාණයන් ඒවා විශ්ලේෂණය කල වහාම පලකිරීමට මා කටයුතු කරන නිසා ඒ ගැන විමසා නැවත නැවත් ඊමේල් පනිවිඩ එවීමෙන් වලකින ලෙසටත් කාරුනිකව ඉල්ලා සිටිමි.

ceylonepub@gmail.com