චන්න බණ්ඩාර දොළපිහිල්ල
අසුව දශකයේ ඇරඹුමත් සමඟ 'දවස' පුවත්පතට උපකතුවරයකු වශයෙන් එක්වන චන්න දොළපිහිල්ල නම් වූ යෞවනයා ආයතනය වසන තුරුම එහි සේවය කළ අතර ඉන්පසු ඔහු 'ලංකාදීප' පුවත්පතේ උපකතුවරයකු වශයෙන් සේවයට එක්වන්නේ 90 දශකයේ මුල්භාගයේය. ඉන්පසු 'දිනමිණ' පුවත්පත හා සම්බන්ධ වන ඔහු එහි ප්රධාන උපකතුවරයා තෙක්ම ඉහළට පැමිණි අතර එම සේවා කාලයෙන් පසු ඔහු යළි 'ලංකාදීපයට' එකතුවිය. පුවත්පත් ජීවිතය හා බද්ධව සිටි චන්න ප්රධාන උපකතුකමට අමතරව විවිධ ලිපි ලේඛන ලියූ අතර පොත් කිහිපයක කතුවරයාද විය.