අම්මලා
විප්ලවීය ගරිල්ලා භට කණ්ඩායමේ ඔත්තු
සේවා බළ ඇණියට සම්බන්ධ වී ඉදිරියට ගමන් කරමින් සිටි මා පමණක් මඟ හැරුණේ කෙසේ දැයි
ප්‍රහේලිකාවකි.
අප සියලු දෙනා විසින් පිළිපදිනු ලැබුවේ
එකම නීති රීති පද්ධතියක් ය.
ඈතින් ඈතට යන පියවර කිහිපයක හඬ පමණක් මට
දැන් ඇසෙයි. මා දැන් අතරමං වී ඇත.
ස්වල්ප වේලාවක් මම එළිමහනට පැමිණියෙමි.
රාජ්‍ය හමුදා ඒකකය තිබෙන්නේත් මා සිටි තැනට නුදුරිනි. ඉහළින් කැලෑවකි. පහළින්
නිවෙස් කිහිපයක් දිස්විණි.
මෙම කුඩා බටහිර ගම්මානයේ මිනිසුන්
ආර්ථික අතින් පහත් තත්වයක සිටියත් ආගන්තුක සත්කාරයට ඔවුන් හපන්නුය. යම් දිනක ඔබට
මෙම ගම්මානයේ ගමන් කිරීමට සිදුවුණොත් ඔබට හමුවන පළමු වැනි පුද්ගලයාම ඔබගේ තතු
විමසා ඔහුගේ නිවෙසට කැඳවාගෙන යනු ඇත. එහි දී ඔහුට කෑමට යමක් නොතිබුණත් ඔහු ඔබට
කෑමට යමක් දෙනු ඇත.
එම නිවෙස දෙසට යෑමට තීරණය කළ මම ඉදිරියට
ඇදුණෙමි. ආගන්තුක සත්කාරය සඳහා කිසිවකු ඉදිරිපත් නොවේවා යන සිතුවිල්ලෙන් යුතු ව
රිවෝල්වරයත් අත් බෝම්බයත් කබායට මුවා කරගත් මම ගමන ඉක්මන් කෙළෙමි.
එනමුදු මා හට ගම්මානයේ පළමුවැනි නිවෙස
පසුකර යෑමට නොහැකි විය.
අත් නැති කබායකින් සැරසුණු මැදිවියේ
මාතාවක මා ඉදිරියේ පෙනී සිටියාය.
"සුබ උදෑසනක් මාගේ පුත්‍රයාණෙනි." ඇය මට සුබ පැතුවා ය.
මමත් පෙරළා සුබ පැතුවෙමි.